අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආතති කළමනාකරණය හා ආකල්ප සංවර්ධනය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරයි

    ඔක්තෝබර් 12, 2018

    ආතති කළමනාකරණය හා ආකල්ප සංවර්ධනය පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්.ටී.කේ. කොඩිකාර මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය (09) දින වැලිගම මැරියට් හෝටලයේදී පැවැත්විණි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දේශපාලකයා හා රාජ්‍ය නිලධාරියා යනු එකිනෙකාට කිසිදු සම්බන්ධතාවයක් නොමැති පාර්ශව දෙකක් නොව ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වෙනුවෙන් රටේ මහ ජනතාවගේ යහපත වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන දෙපිරිසක් බවයි.

    මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, ගණකාධිකාරීවරු, සහකාර ක්‍රම සම්පාදන අධ්‍යක්ෂවරු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියයකට ආසන්න නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා විශේෂඥ මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය එම්. තිලකසිරි මහතා සම්පත් දායකත්වය සපයන ලදී.

    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩසටහන සංවිධානය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya