අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ වැව් 12ක් සංවර්ධනයට

    අගෝස්තු 10, 2018

    රජය මගින් ක්‍රියාත්මක කොට ඇති "වැව් දහසයි ගම් දහසයි" වැඩපිළිවෙළ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක වැව් 12ක් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත.

    ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    මේ සඳහා රුපියල් මිලියන 27ක මුදලක් ඇස්තමේන්තු කොට ඇත. මෙලෙස සංවර්ධනය කිරීමට තෝරා ගෙක ඇත්තේ වල්පිට උල්ලලපොළ වැව, මීරිගම කුරුඳුවත්ත වැව, ආඬිඅම්බලම පීල්ලවත්ත වැව, ජාඇල කොටුගොඩ යාය, මාබොදල මාබොදල වැව, යක්කල කෙසෙල්වතුගොඩ, නිට්ටඹුව රන්පොකුණුගම වැව, බෙම්මුල්ල හීන්දෙණිය වැව, දොම්පේ කිඹුල්විලවත්ත වැව, බියගම වැලිවිල අමුණ යාය සහ උඩුපිල මහ අමුණ බව දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරිය සඳහන් කළාය.

    DMU/gampaha 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya