නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළගේ වේගය වැඩිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    අගෝස්තු 09, 2018
    දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින අතර ම දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. අනුරාධපුර දිස්ත්‍රික්ක්කයේ සිහින් වැසි ඇතිවිය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණතරමක් තද වැසිද ඇති විය හැක.
     
    මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya