අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා සහයෙන් වැව් ප්‍රතිසංස්කරණය කෙරේ

    අගෝස්තු 02, 2018
    ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ 2017 වසරේ ‘සිරිසර පිවිසුම’ ජාතිය ගොඩනැගීමේ ව්‍යපෘතියට අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 24 ක් ප්‍රතිසංස්කරණය කර අවසන් කර ඇත.
     
    මීට අමතරව, මේ වසර අවසන්වීමට පෙර තවත් වැව් 25ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇති අතර අවට ප්‍රදේශවල ජිවත්වන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අතහැර දැමු වැව් 9ක් ප්‍රමුඛත්වයක් මත ප්‍රතිසංස්කරණය කරනු ලබයි. 
     
    තවද ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතිය යටතේ අදාල ප්‍රදේශයන්හි බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව පාසල් ක්‍රීඩාංගණ, මහාමාර්ග, විහාරස්ථාන, මහජන ගොඩනැගිලි, ගුරු නිවාස, ප්‍රජාශාලා, මුස්ලිම් පල්ලි, කෝවිල්, වෙළඳ සංකීර්ණ සහ පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරනු ලබයි.
     
    දිළිඳුකමෙන් පෙළෙන ප්‍රදේශයන්හි අනෝන්‍ය අවබෝධය, සංහිඳියාව සහ සුහදශීලිත්වය ශක්තිමත් කිරීම තුළින් යුද හමුදාපතිවරයා උපදෙස් මත යුද හමුදාවෙන් 1/3 ජාතිය ගොඩනැගිමේ කාර්යභාර්ය සඳහා සහයෝගය දක්වනු ලබයි.
     
    එමෙන්ම, ඉංජිනේරු භට පිරිස් විසින් අවදානමට ලක්වු ප්‍රදේශයන්හි අලි වැට ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දායකත්වය ලබාදෙනු ලැබීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya