අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2030 ඉලක්ක කර ගනිමින් රත්මලාන ගුවන්තොටුපළ සංවර්ධනය කෙරේ

    අගෝස්තු 02, 2018
    1935 වසරේ ඉදි වු ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපළ ඉදිරි 2030 වසරේ අවශ්‍යතාවයන් ඉලක්ක කරගනිමින් දීර්ඝ කාලීනව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.
     
    මෙම ගුවන්තොටුපළ මේ වන විට වසර 80 ක පමණ කාලයක් තුළ ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන් සේවා කටයුතුවලට යොදාගෙන ඇති බවත්, විශේෂයෙන් පසුගිය යුද සමය තුළ ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා යොදාගත් බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. 
     
    2009 වසරේ කුරිරු යුද්ධය නිමාවීමත් සමගම මෙම ගුවන් තොටුපල නැවතත් පූර්ණ වශයෙන් සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා ආරම්භ කිරීමටත්,  නවීන තාක්ෂණයෙන් යුතුව ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා සංවර්ධනය කිරීමටත් වත්මන් රජය විසින් සැලසුම් කර ඇති බවද කීය.
     
    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පල කළේ මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අද (02) දින රත්මලාන ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය. 
     
    මෙහිදී මෙම සැළැස්ම ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටළු පිළිබඳව ගුවන් සේවා ක්ෂේත්‍රයේ නියැලෙන මෙහෙයුම්කරුවන් සමග සාකච්ඡා කළ අතර ඔවුන්ගෙන් ලැබුණු යෝජනාද සැලකිල්ලට භාජනය කරමින් මෙම සැලසුම් ක්‍රියාත්මක කරන බව පෙන්වාදුන් අමාත්‍යවරයා සමස්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1479 කට ආසන්න මුදලක් වැයවන අතර ඉන් රුපියල් මිලියන 650 ක මුදලක් ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියෙන්ද, රුපියල් මිලියන 829 ක මුදලක් ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින්ද ලබාගැනීමට තීරණය කර ඇති බවද පෙන්වාදෙයි.
     
    සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් මේ සඳහා පසුගිය පෙබරවාරි 14 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලබාගත් බවද මෙහිදී සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, අතිරේක ලේකම් ආර්.එම්.එස්.පී. රත්නායක යන මහත්වරුන් ඇතුළු ගුවන් තොටුපළ බලධාරීන් රැසක්ද සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya