අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තර අංගාගොඩට බහුකාර්ය ගොඩනැගිල්ලක්

    අගෝස්තු 03, 2018
    රජයේ දින සියයේ වැඩසටහන යටතේ වෙන් කරන ලද ප‍්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 15 ක වියදමින් බෙන්තර අංගාගොඩ 02 ග‍්‍රාම නිලධාරි වසමේ ඉදි කරන ලද බහුකාර්ය ගොඩනැගිල්ල ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් ඊයේ (02) ජනතා අයිතියට පැවරිණි.
     
    මහල් තුනකින් ඉදිකිරීමට නියමිත මෙම ගොඩනැගිල්ලේ පළමු අදියර ලෙසට මෙහි බිම් මහළ ඉදි කර ඇත. මෙමඟින් ප‍්‍රදේශයේ ජනතාවට එක වහළක් යට දී ග‍්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි හා ආර්ථික සංවර්ධන නිලධාරි යන රාජ්‍ය නිලධාරින්ගේ සේවය ලබා ගැනීමට පහසුකම් සපයා ඇත. ඉදිරි ප‍්‍රතිපාදන මඟින් මෙහි දෙවන මහලේ ශ‍්‍රවණාගාරයක් ඉදිකිරීමට නියමිතය. 
     
    මෙම අවස්ථාවේ දී 2017 මැයි මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ අය වෙනුවෙන් අවසන් අදියරේ වන්දි වශයෙන් පවුල් 30ක් සඳහා රුපියල් ලක්ෂ 30 ක වන්දි මුදලක් ප‍්‍රදානය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya