ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළගම පාසැල - හොඳම පාසල ව්‍යාපෘතියෙන් ඇඹිලිපිටියට ලක්ෂ 1500ක්

    ජූලි 21, 2018
    රජය මගින් ක්‍රියාත්මක ළගම පාසැල - හොඳම පාසැල ව්‍යාපෘතිය යටතේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පාසැල් කේන්ද්‍ර කරගනිමින් ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණ හයක් පසුගියදා සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ අතින් සිසු අයිතියට පවරනු ලැබීය.
     
    මෙම ගොඩනැගිලි සංකීර්ණ සඳහා රජය වැය කළ  මුළු මුදල රුපියල් ලක්ෂ 1500කි.
     
    නගරබද ජනප්‍රිය පාසැල්වල පවතින අධික සිසු ඝනත්වයට පිළියම් ලෙස රජය මගින් ළගම පාසැල - හොඳම පාසැල ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
    ඒ අනුව, දිවයිනේ දුෂ්කර  අති දුෂ්කර සහ ප්‍රියමනාප නොවන පාසැල් කේන්ද්‍ර කරගනිමින්  එම පාසැල් සඳහා අවශ්‍ය මානව සහ භෞතික පහසුකම් සම්පාදනය කිරීම මේ යටතේ සිදු කෙරේ.
     
    ගුණ ණැන බෙලෙන් සපිරි මානව හිතවාදී සිසු පරපුරක් බිහිකිරීමේ අරමුණ සාක්ෂාත් කිරීම සඳහා මෙම ජාතික වැඩ සටහන  ක්‍රියාත්මක කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය මගිනි.
     
    ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන, පංතිකාමර, විද්‍යාගාර, තොරතුරු තාක්ෂණ ඒකක, පුස්තකාල, ගෘහස්ථ ක්‍රීඩාංගණ, ක්‍රීඩා සංකීර්ණ, සනීපාරක්ෂක  පහසුකම් ඇතුළු පහසුකම් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya