අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරවනැල්ල මූලික රෝහල සංවර්ධනයට ලක්ෂ 4670ක්

    ජූලි 21, 2018
    කරවනැල්ල මූලික රෝහල රුපියල් ලක්ෂ 4670ක් වැයකර අංග සම්පූර්ණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට සබරගමුව පළත් සභාව තීරණය කොට ඇත.
     
    එම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පස්මහල් ගොඩනැගිලි සංකීර්ණයක්, වෛද්‍ය හා හෙද නිළ නිවස, වෛද්‍ය උපකරණ පද්ධති සහ පල්දෝරු පද්ධතිය සංවර්ධනය කිරීම ක්‍රියාත්මක කර ඇත. මේ වන විට රුපියල් ලක්ෂ 1700ක්වැය කර ඉදි කෙරෙන ඇති පස්මහල් ගොඩනැගිලි සංකීර්ණයේ කටයුතු නිම වෙමින් පවතී.
     
    මෙම රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය හා වෛද්‍ය උපකරණ සඳහා සබරගමුව පළාත් සභාව වැයකර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ1070කි. වෛද්‍ය, හෙද නිවාස හා පල්දෝරු පද්ධතිය සංවර්ධනය කිරීමට වැයකර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 1750කි. සබරගමුව පළාත් සභාව මගින් පාලනය වන රෝහල් දෙක මේවන විට සීටී ස්කෑන් යන්ත්‍ර ක්‍රියාත්මකය. ඒ කරවනැල්ල හා ඇඹිලිපිටිය මූලික රෝහල් ආශ්‍රිතවය.
     
    කරවනැල්ල මූලික රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය මගින් මාසිකව රෝගීන් 400 ක් පමණ සේවාව ලබා ගනිති. ඒ තුළින් කෑගල්ල, කොළඔ ජාතික රෝහල් සහ වෙනත් පෞද්ගලික රෝහල් වෙත නොගොස් මෙම සේවාව කරවනැල්ල රෝහල තුළින් ලබාදීම ප්‍රදේශවාසීන්ට පහසුවක් බව වෛද්‍යවරු පවසති.
     
    මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතින පස්මහල් ගොඩනැගිල්ල, රෝහලේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ක්‍රියාත්මක අංග සම්පූර්ණ වෛද්‍ය රසායනාගාර ඒකකයක් ස්ථාපිත කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya