මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ කාබනික වී ගොවීන්ට මූල්‍ය සහනාධාර

    ජූලි 21, 2018
    රසායනික පොහොර භාවිතයෙන් තොරව ජෛව විද්‍යාත්මක පොහොර භාවිතා කරමින් කාබනික ක්‍රමයට වී වගා කරනු ලබන ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් මූල්‍ය සහනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වී ගොවියන් වෙත ද එම සහනය ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධිත උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (සෙමා) තීරණය කොට ඇත. 
     
    ඒ අනුව දැනට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ වී වගාව සඳහා සහනාධාර ලබා ගැනීමට සුදුසුකම් ඇති ගොවීන් හට තම හෙක්ටයාර් 02 ට නොවැඩි වී වගා බිම්වල සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ කාබනික ක්‍රමයට වගා කර ඊට අදාළ රජයේ මූල්‍ය සහනාධාරය ලබා ගැනීමට හැකිය.
     
    ඒ අනුව කාබනික ක්‍රමයට ගොවිතැන් කිරීමට කැමැත්තක් දක්වන ගොවීන්ට සහන අයදුම්පත්  අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් හෝ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් හෝ සෙමා ආයතනයෙන් ලබාගත හැකිය.
     
    වස විස නැති රටක් තේමාව යටතේ කෘෂිරසායනවලින් තොර ගොවිතැන පිළිබඳ රජයේ වැඩසටහනට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධිත උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (සෙමා) විසින් මෙහි සියළු කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya