මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ඔප්පු ලබාගැනීම පිළිබඳ පුත්තලම ජනතාව දැනුම්වත් කරයි

    ජූලි 17, 2018

    ඉඩමක හිමිකම්ක් නොමැති ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන කඩිනම් කිරීම යටතේ පුත්තලම දිස්ත්‍රික් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

    අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අධීක්ෂණය යටතේ දිවයින පුරා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව මඟින් මෙහෙයවන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව සතු ඉඩම්වල පදිංචි වී සිටින ජනතාව වෙනුවෙන් ඔප්පු ලබා ගැනීම පිළිබඳව  මෙහිදී දැනුම්වත් කෙරිණි.

    එහි පළමු වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයදී පැවැත්විණ.

    වාරිමාර්ග හා ජළ කළමනාකරණ අමාත්‍ය රංග බණ්ඩාර, පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි , පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ සභාපති සම්පත් සුභසිංහ ආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya