අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    XXVIII වෙනි සබරගමුව පළාත් පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය - 2018

    ජූලි 09, 2018
    XXVIII වෙනි සබරගමුව පළාත් පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය සමාරම්භක උත්සවය පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
     
    මෙම තරගාවලිය සඳහා රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ සියලු ම අධ්‍යාපන කලාප නියෝජනය කරමින් පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700ක් පමණ එක්ව සිටියහ.
     
    එහිදී කුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී ජයග්‍රහනය ලැබූ පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මූල්‍ය ප්‍රදානයන් ද සිදුකරනු ලැබීය.
     
    මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය, ආණ්ඩුකාර සහකාර ලේකම් ශමේධානි මාතරහේවගේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රුවන් ප්‍රේමරත්න සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ උපසාර අලහකොන් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya