අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 වසරේ නිවාස වැඩපිළිවෙළට මිලියන 10,000ක්

    ජූලි 09, 2018
    ජාතික නිවාස වැඩපිළිවෙළ සඳහා 2018 වර්ෂය වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 10,000ක් වැය කොට ඇතැයි ද ඉන් රුපියල් මිලියන 3000ක මුදලක් උතුරු නැගෙනහිර පළාත් සඳහා වෙන් කොට ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා පැවසීය.
     
    එමෙන් ම ආදර්ශන ගම්මාන 875ක ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති බවත් පෙන්වාදෙන පලන්සූරිය මහතා ඉන් නිවාස ගම්මාන 90ක් මේ වන විට ජනතා අයිතියට පත් කොට ඇති බවත් මෙම වැඩපිළිවෙළ 2019 වසරේ දෙසැම්බර් 31දා දක්වා ක්‍රියාත්මක වන බවත් පෙන්වා දෙයි.
     
    ආදර්ශ ගම්මාන ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ 2019 දෙසැම්බර් 31වන විට නිවාස 2500ක් ජනතා අයිතියට පත් කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඉලක්කය වී ඇතැයි ද කීය.
     
    2015 වසරේ සිට ජාතික නිවාස වැඩපිළිවෙල හරහා පුද්ගලයින් 275,000කට සෙත සලසා ඇතැයි ද පලන්සූරිය මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya