අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 25,000කට පානීය ජලය සැපයීමට යූරෝ මිලියන 85ක්

    ජූලි 04, 2018
    කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, අරණායක සහ රඹුක්කන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 25,000කට අවශ්‍ය භූගත පානීය ජල පහසුකම් ලබා දීම සඳහා වන හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජය සහන ණය මුදලක් ලබා දේ. මේ යටතේ යූරෝ මිලියන 85ක් නෙදර්ලන්තයෙන් ලැබී ඇති අතර ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 
     
    මෙම ප්‍රදේශයේ ජනතාවගෙන් 70%ක් පමණ භූගත ජලය භාවිත කරන අතර නියං සමයේ දී ජල මූලාශ්‍ර සිඳීයාම හේතුවෙන් දැඩි පීඩාවට පත්වෙති. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාම සේවා වසම් 62කට අයත් ලක්ෂ දෙකක පමණ ජනතාවට සෙත සැලසේ. 
     
    ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී  ජුවෑන් ඩොර්නිවර්ඩ් යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya