අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ජුලි 7දා සිට

    ජූලි 04, 2018
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශ්‍රමශක්ති වැඩපිළිවෙළට සහයෝගය පල කරමින් හොරණ කණන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය 07දා සිට 09දා දක්වා එම පර්යේෂණ ආයතනය පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    පලතුරු ප්‍රදර්ශනය 07දා පෙරවරු 9.00 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් විවෘත කිරීමට නියමිතය. 
     
    මෙම පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනයේ දී පලතුරු අලෙවි කිරීම, පලතුරුවලින් සකසා ගන්නා ආහාර පාන මෙන්ම පලතුරු පැළ අලෙවි කිරීමත් පලතුරු වගාව පිළිබඳ තාක්ෂණික දැනුම ලබා  දීමත් සිදු කෙරේ. 
     
    එමෙන්ම  පලතුරු වගාවේ දී පටක රෝපණ තාක්ෂණ භාවිතය අස්වැන්න නෙලීම හා ගබඩා කිරීම, රෝග පළිබෝධ පාලනය වසවිසෙන් තොරව පලතුරු ඉදවීම, අපනයනය සඳහා පලතුරු නිපදවීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව වැනි කරුණු ගණනාවක් කෙරෙහි මෙම ප්‍රදර්ශනයේ දී අවධානය යොමු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya