අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ ඉඩම් ගැටළු ගැන සාකච්ඡාවක්

    ජූලි 03, 2018

    ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ කඩිනම් වැඩසටහන යටතේ ගාල්ල දිස්ති‍්‍රක්කයේ බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල පදිංචි වී සිටින පවුල් වෙනුවෙන් ඔප්පු ලබා දීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ සාර්ථක වැඩසටහනක් පසුගියදා බද්දේගම නගර ශාලාවේදී පැවත්විණ.

    ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

    එහිදී ප්‍රදේශයේ ජනතාවට පවතින ඉඩම් ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ඉඩම් අමාත්‍යවරයා මැදිහත් විය.

    එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා, දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුභසිංහ ආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya