අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ ගෙවතු වගාවට විශේෂ ව්‍යාපෘති රැසක්

    ජූලි 03, 2018

    ගාල්ල දිස්ත්‍රික්කය තුළ ගෙවතු වගා සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.ඒ පළිහවඩන මහත්මිය පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි සඳහන් කර සිටියාය.

    වස විස නැති ආහාර තම ගෙවත්තෙන්ම සපයා ගැනීම තුළින් සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහි කිරීම මෙහි අරමුණයි.

    වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂ තුමිය පෙන්වා දුන්නේ ගෙවතු වගා සංවර්ධන වැඩසටහන යටතේ ආබාධිත පුද්ගලයන්ට හිමි ගෙවතු සංවර්ධනය කොට ඔවුන්ට ආදායම් මාර්ගයක් සහ ඔවුන්ගේ එදිනෙදා පරිබෝජනයට අවශ්‍ය එළවළු පළතුරු ගෙවත්තෙන්ම ලබා ගැනීමට හැකි පරිදි ඔවුන් නඟා සිටුවීම අපේක්ෂා කරන බවයි. මින් ගෙවතු 30ට උපකරණ සහ බීජ ලබා දීම රු 45000ක ඇස්තමේන්තුවක් යටතේ සිදු කර ඇත.

    රණවිරු ගම්මාන ආශ්‍රිත ගෙවතු ඒකක 02ක් සංවර්ධනය කිරීමටද පැළ ලබා දිමට රු 150000ක මුදලක්වෙන් කර තිබෙන බවත් පෝද්දිවෙළ ගොවිපළෙන් මේ සඳහා පැළ ලබා දීම මේ දිනවල සිදු කරන බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

    ගෙවතු වගා තරග පැවැත්වීම මගින් ගෙවතු වගාව දිරි ගැන්වීම සඳහා ගොවිජන සේවා කොට්ඨාස මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් තරඟ පැවැත්වීමට කටයුතු කටයුතු සම්පාදනය කර ඇත.

    2018 යල කන්නය සඳහා ගෙවතු 20ක් ගොවිජන සේවා මට්ටමින් සහ ඒ අතරින් දිස්ත්‍රික් මට්ටමට එක් ගෙවත්තක් තෝරා ගෙන දිරිගැන්වීම සඳහා කටයුතු සිදු කරයි.පාසල් ගෙවතු වගා සංවර්ධන ඒකක පිහිටුවමින් පාසල්සි සුන් දැනුවත් කිරීමද මේ යටතේ සිදුකෙරේ.

    විශ්‍රාමික සමිති සහ ප්‍රජා මුල සංවිධාන සාමාජිකයින් අතර ගෙවතු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින්ත වත් ගෙවතු වගා වැඩසටහක් ක්‍රියාත්මක වන අතර එයට උපකරණ හා බීජ ලබා දීම සිදු කර ඇත.

    2018 යල කන්නය සඳහා ගෙවතු 25ක් සඳහා රු 2250000ක මුදලින් උපකරණ ලබා දිමද සිදු කර ඇත.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya