මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රායෝගික යෝග පුහුණු වැඩමුළුවක් මාතර දී

    ජූනි 25, 2018

    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ මගපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හම්බන්තොට - ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද හතරවන ජාත්‍යන්තර යෝග දිනයට සමගාමීව සංවිධානය කරන ලද ප්‍රායෝගික යෝග පුහුණු වැඩමුළුවක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    ඒකාකාරී ජීවන රටාවකට හුරු වී සිටින රාජ්‍ය නිලධාරියාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම ප්‍රායෝගික යෝග පුහුණු වැඩමුළුවේ දී රාජකාරි කරන අතරතුර තම ආසනයේ හිඳගෙන සිටිමින් ම ඉතා සරලව සිදු කළ හැකි ප්‍රායෝගික යෝග අභ්‍යාස කිහිපයක් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් යෝග අභ්‍යාස පුහුණු කෙරිණි.

    හම්බන්තොට - ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හා ඉන්දියානු යෝග උපදේශිකා රුද්‍රා මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් මෙම පුහුණු වැඩසටහන මෙහෙයවන ලදි.

    මේ අවස්ථාවට මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මෙනෙවිය ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya