අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියාව තේමා කර ගත් 'සහෝදර පාසල් / පාඩසාලයි' ශිෂ්‍ය කඳවුර කුරුණෑගල​ දී

    ජූනි 19, 2018
    ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් මෙහෙය වන 'සහෝදර පාසල් / පාඩසාලයි' පස් දින නේවාසික ශිෂ්‍ය කඳවුරු වැඩසටහන් මාලාවේ මීළග කඳවුර ජුනි 22 දා සිට 27 දා දක්වා කුරුණෑගල​ දුම්මලසුරිය වයි-ග්‍රෝ සමාජ සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය​.
     
    මෙම පස් දින නේවාසික වැඩසටහන සඳහා ඌව​, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම ජාතින් නියෝජනය වන පරිදි සිසු දරුවන්200 ක් හා ගුරුවරුන් 40 දෙනෙකු සහභාගී වනු ඇත.
     
    මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ ජාතික සමගිය හා සංහිඳියාව සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි පුහුණුකරුවන් සහ ගුරුවරුන් සංචිතයක් මෙන්ම දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් පළාත් මට්ටමින් ඇති කිරීම තුළින් ඔවුනොවුන්ගේ සමාජයන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීමය. එයට අමතරව සිසුන් අතර තම තමන්ගේ විවිධ සංස්කෘතික, ආගමික, භාෂාමය වෙනස්කම් ගැන අවබෝධයක් ඇති කිරීම තුලින් ජාතීන් අතර එකමුතුව ඇති වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
     
    අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ මධ්‍යම හා දිගු කාලීන වැඩ සැලැස්මට අනුව අධ්‍යාපන අමාත්‍යංශය සහ පළාත් සභාවන් හා එක්ව සංවිධානය කරන මෙම 'සහෝදර පාසල් / පාඩසාලයි' වැඩසටහන තුළින් සිසු ප්‍රජාව තුළ ශ්‍රී ලාංකීය විවිධත්වය ගැන දැනුවත් වීම තුළින් අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර සිසුන් අතර නව සබඳතා ගොඩ නැගෙනු ඇතැයි බලාපොරොත්තුවේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya