මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්‍රාම ලත් දෙමළ මාධ්‍ය ගුරුවරුන් යලි සේවයට

    ජූනි 06, 2018
    රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි රජයේ පාසැල්වලින් විශ්‍රාම ලැබූ දෙමළ මාධ්‍ය ගුරුභවතුන් යළි ගුරු සේවයට එක්කරගන්නා බව සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය.
     
    සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය මේ බව පැවසූයේ ඊයේ (05) නිවිතිගල දෑල දෙමළ මහා විද්‍යාලයේ පැවති, ප්‍රදේශයේ දෙමළ මාධ්‍ය පැසැල්වල විදුහල්පතිවරු සමග පැවති හමුවට එක්වෙමිනි.
     
    මෙහිදී අදහස් දැක්වූ එම විදුහල්පතිවරු  සබරගමුව ආණ්ඩුකාරවරියට දන්වා සිටියේ ප්‍රදේශයේ සෑම දෙමළ මාධ්‍ය පාසැලකම උග්‍ර ගුරු හිඟයක් පවතින බවයි.
     
    රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පවතින දෙමළ මාධ්‍ය ගුරුහිඟයට පිළියම් ලෙස විශ්‍රාම ලැබූ ගුරුභවතුන් යළි ගුරු සේවයට එක්කර ගැනීමට කටයුතු කරන බවත් දැනට සබරගමුව පළාතේ දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා බදවාගැනීමට සුදුසුකම් ලත් අයදුම්කරුවන් නොමැති බවත් පෙන්වාදුන් පළාත් ආණ්ඩුකාරවරිය සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප 9 සඳහා විද්‍යා, ගණිත, තොරතුරු තාක්ෂණ යන විෂය ධාරාවන්ගෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ  විභාගයට පෙනී සිටීම වෙනුවෙන්  පන්ති ආරම්භ කිරීම සඳහා උපාධිධාරී ගුරුභවතුන් 81 බඳවා ගැනීමට අයඳුම්පත් කැදෙවූ නමුත් ඒ සඳහා ඉදිරිපත්වූයේ අයදුම්කරුවන් 8 දෙනකු පමණක් බවත් පෙන්වාදුනි.
     
    සබරගමුව පළාතේ පවතින මෙම ගැටළුවට පිළියම් ලෙස උතුරු නැගෙනහිර පළාත්වලින් දෙමළ මාධ්‍ය ගුරුභවතුන් බඳවා ගත්ත ද ඔවුන්ගෙන් බහුතරයක් මේ වන විට මාරුවීම් ලැබ පළාතෙන් පිටව ගොස් තිබෙන බැවින් මීට පිළියමක් ලෙස සබරගමුව පළාත් සභාව මගින් විශ්‍රාම ලත් දෙමළ මාධ්‍ය ගුරුභවතුන් යළි ගුරු සේවයට එක්කර ගැනීමට තීරණය කොට ඇතැයි ද මෙම වර්ෂයේ ජූලි අවසන් වීමට පෙර රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ  දෙමළ මාධ්‍ය ගුරු හිඟය මුළුමනින්ම විසදීමට කටයුතු කරනවා යැයි ද සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය .
     
    මෙම අවස්ථාවට නිවිතිගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී  දිලීප රාජපක්ෂ, පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සහකාර ලේකම් සමේධානි මාතරහේවගේ, පළාත් අධ්‍යාපන  අමාත්‍යංශයේ සහකාර ලේකම් රවීන්ද්‍රා මාලනී, එම අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ(සැලසුම්)රුවන් ප්‍රේමරත්න, නිවිතිගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.මද්දුමබණ්ඩාර සහ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya