මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල උණවටුන “ජංගල් බිච්“ සිට ගිංතොට පාලම දක්වා වෙරළ තීරය පවිත්‍ර කෙරේ

    ජූනි 04, 2018

    ජුනි මස 05 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමිව ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන වෙරළ පවිත්‍රතා වැඩසටහනක් හෙට (5) පැවත්විමට කටයුතු සංවිධානය කර ඇත.

    ඒ අනුව ගාල්ල උණවටුන “ජංගල් බිච්“ සිට ගිංතොට පාලම දක්වා වෙරළ තීරය පවිත්‍ර කිරිම මෙහිදි සිදුවේ.  දිස්ත්‍රික් පරිසර කමිටුව විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන සඳහා දහසක් පමණ රාජ්‍ය සහ රාජ්‍ය  නොවන පිරිසක් සහභාගි විමට නියමිතය. එහි සමාරම්භක වැඩසටහන ගාල්ල අධිවේගි පිවිසුම අසළ දි පෙ.ව 8 ට පැවැත්වේ.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දකුණු පළාත් පරිසර අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂන දෙපර්තමෙන්තුව, සමුද්‍රිය  පරිසර ආරක්ෂන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රි ලංකා නාවුක හමුදාව, ශ්‍රි ලංකා යුධ හමුදාව.ශ්‍රි ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා පොලිසිය, වනජීවි දෙපාර්තමෙන්තුව,වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව,ගාල්ල මහනගර සභාව, හබරාදුව ප්‍රාදේශීය සභාව, ගාල්ල සහ හබරාදුව හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රැසක් ද මේ සඳහා සිය ශ්‍රම දායකත්වය දක්වනු ලබයි.

    මාධ්‍ය ඒකකය- ගාල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya