අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක් වූවන්ට සහන සැලසීම වේගවත් කරයි

    මැයි 24, 2018

    මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා වලට ලක් වූ ජනතාවට අවශ්‍ය සහන සැපයීම් කාර්යක්ෂමව සිදු කරන ලෙසත්, ඔවුන්ගේ සුභ සාධන කටයුතු නොපිරිහෙලා ඉටු කරන ලෙසත් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා මහනුවර දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම්වරු වෙත උපදෙස් ලබා දෙන ලදී.

    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම උපදෙස් ලබා දෙන ලද්දේ වත්මන් ආපදා තත්වය සම්බන්ධයෙන් ඊයේ(23) මහනුවරදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදීය.

    ඉදිරියේදී තව දුරටත් වර්ෂා තත්වයක් හටගතහොත් ඒ සදහා සෑම ආයතනයක්ම සූදානමින් සිටිය යුතු බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා හදිසි ආපදා තත්වයකදී ක්‍රියාත්මක කළ යුතු ඉදිරි සලැස්මක් සකස් කොට එය තමන් වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස තව දුරටත් උපදෙස් ලබා දෙන ලදී.

    මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරන ප්‍රාදේශීය ලේකම්වරු , පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ ආයතනවල නිලධාරීන් රැසක්ද මෙම රැස්වීම සදහා සහභාගී වූහ.

    මෙම දිනවල මහනුවර දිස්ත්‍රික්කයට ඇද හැලුනු අධික වර්ෂාව නිසා පවුල් 286 කට අයත් පුද්ගලයන් 1288 ක් බලපෑමට ලක් වී තිබේ. ආපදා තත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස තුනක් පූර්ණ හානියට පත්ව ඇති අතර, අර්ධ හානි වූ නිවාස 50 කි. පුද්ගලයන් 04 දෙනෙක් තුවාල ලබා ඇති අතර, ආරක්ෂිත ස්ථාන හතක විපතට පත්වූ පවුල් 178 සාමාජිකයන් 824 දෙනෙක් තාවකාලිව රදවා ඇති බව ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

    DMU/kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya