අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් මධ්‍යම පළාතේ ජනතාවට උපදේශන සේවයක්

    මැයි 23, 2018

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් සංවිධානය කරනු ලබන මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් හෙට (24) දින මහනුවර දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මධ්‍යම පළාත වෙනුවෙන් පවත්වනු ලබන මෙම වැසඩහනේදී ජල, විදුලි සහ ඛනිජ තෙල් සම්බන්ධ පාරිභෝගික ගැටළු පිළිබද මහජන අදහස් ලබා ගැනීම සහ උපදේශන ලබා දීම සිදු කෙරෙනු ඇත. මීට අමතරව වීථි ලාම්පු කළමනාකරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාව සකස් කර ඇති යෝජිත යාන්ත්‍රණය පිළීබද සාකච්ඡා කිරීමටද නියමිතය.

    ඒ අනුව 2018.05.24 වැනි දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවනාගාරයේදී මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2002 අංක 35 දරන පනත මගින් පිහිටුවන ලද ආයතනයකි. මෙරට විදුලි බල නියාමන ආයතනය ලෙස සලකනු ලබන මෙම කොමිෂන් සභාව ජල සේවා සහ ඛනිජ තෙල් කර්මාන්තවල නියාමනය සදහා ද කටයුතු කරයි. තීරණ ගැනීමට පෙර එයින් බලපෑමට ලක්වන පාර්ශව සමග සාකච්ඡා කොට ඔවුන්ගේ අදහස් ද සැළකිල්ලට ගනිමින් කටයුතු කිරීම මහජන උපදේශන කොමිෂන් සභාවේ විශේෂත්වයයි.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya