මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ලොකු ළුෑණූ ගොවින්ට සහන රැසක්

    මැයි 14, 2018
    මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළුෑණූ බීජ නිෂ්පාදකයින්ගෙන් කිලෝ 7000ක් මිලදී  ගැනීමට රජය තීරණය කළ බව  කෘෂිකර්ම රාජ්‍ය ආමත්‍ය  වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.  
     
    ලොකු ළුෑණූ බීජ අළෙවිකර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටි ගොවි ජනතාවට සහනයක් වශයෙන් හා ලොකු ළුෑණූ වගාව දිරිමත් කිරිමේ අරමුණින් මෙම  මිලදී ගැනීම සිදුකළ කෙරේ.  එසේම  මිලදී ගත්  ලොකු ළුෑණූ  බීජවල වටිනාකමින් 50%ක සහනාධාරයක් යටතේ ගොවීන් අතර බෙදා දීමට කටයුතු  කරන බවත්  රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 
     
    මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින්  අමාත්‍යවරයා මෙම  තොරතුරු අනාවරණය කළේය. 
     
    ඉතිහාසයේ කිසිදිනෙක නොලැබු සහන රැසක්  මෙවර ලොකු ළුෑණූ  ගොවින් වෙනුවෙන් ලබා දී ඇති  බව  මධ්‍යම  පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ  මහින්ද දොඩන්වල මහතා පැවැසීය.  ලොකු ළුෑණූ ලූනු අක්කරයක්  වගා කිරීම සඳහා  රු. 9000.00ක සහනාධාරයක් රජය මගින් ලබා දෙන බවද දොඩන්වල මහතා පැවැසීය.  කාලගුණික හා දේශගුණික සාධකයන්  හා ස්වභාවික ආපදා හේතුවෙන් වගාවන්  හානිවන අවස්ථාවක රු. 40,000.00ක රක්ෂණාවරණයක් ලබාදීමටත් කටයුතු කරන බවත්  කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ සම සභාතිත්වයෙන්  පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා  දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින්ද,  මාතලේ  වැඩබලන දිස්ත්‍රික් ලේකම්  එල්.පී මදනායක මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ  රාජ්‍ය ආයතන  ප්‍රධානීන්  රැසක් සහභාගි වුහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya