මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 යල කන්නය - වසවිසෙන් තොර කාබනික වී වගාව ඇරඹේ

    මැයි 14, 2018
    2018 යල කන්නය වසවිසෙන් තොර කාබනික වී වගාව ඇරඹීමේ මහොත්සවය අගුනකොළපැළැස්ස යකාගල වෙල්යායේ දී පසුගිය දා ඇරඹිණි. එම වෙල් යායේ පිහිටි අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අයත් අක්කර දෙකක් පමණ වන කුඹුරු යායෙන් මෙම කාබනික වී වගාව ආරම්භ විය.
     
    වසවිසෙන් තොර ගොවිතැන නැංවීමට අදාලව කටයුතු කරන ගොවි ජනතාව ඒ සඳහා තවදුරටත් උනන්දු කරවීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අරමුණයි. ඒ අනුව වසවිසෙන් තොර කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා වන වත්මන් කෘෂිකර්ම අමාතය මහින්ද අමරවීර මහතාගේ පළමු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍යවරයා විසින් හෙට (15)  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසීය.
     
    එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා රසායනික පොහොර කෘමිනාශක භාවිතය නිසා අද අපේ රටේ ආහාර බෝගවලට විශාල ගැටළුවකට මුහුණ දෙන්න සිදුවී තිබෙන බවත් එමෙන් ම අපේ ගොවි මහත්වරු විශාල පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වී තිබෙන බවත් පෙන්වාදුනි.
     
    "මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් තමයි අතුරලියේ රතන හාමුදුරුවෝ කාබනික වගාව ප්‍රවර්ධනයට විශාල මැදිහත්වීමකින් කටයුතු කළේ. උන්වහන්සේ ගෙන ගිය ව්‍යාපාරය නිසා ගොවීන් තුළ කාබනික වගාව සම්බන්ධයෙන්  විශාල උනන්දුවක් ඇති වුණා. ඒ නිසා අද රටේ ජනතාව තුළත් කාබනික වගා නිෂ්පාදන මිල දී ගැනීමට උනන්දුවක් ඇති වී තිබෙනවා. සාමාන්‍ය ආහාර බෝගවලට වඩා වැඩි මුදලකට කාබනික ගොවිතැන මගින් නිපදවන ආහාර බෝග අලෙවි කර ගත හැකි නිසා වර්තමානයේ එම වගාවේ නිරතවන ගොවීන්ට වැඩි අස්වැන්නක් හා ආදායමක්  ලබා ගැනීමට හැකි වී තිබෙනවා" යැයි ද කීය.
     
    "එම නිසා මගේ ඉළක්කය තමයි මම කිසිසේත්ම කාබනික වගාව ආපසු හරවන්නේ නැහැ. නීරෝගි පරපුරක් අපේ රටට අවශ්‍යයි. එමනිසා මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන්   වැඩ බාරගත් පසු මා විසින් ඉදිරිපත් කරන පළමුවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මම කාබනික වගාව ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කරනවා. වර්තමානයේ පොහොර සහනාධාරය යටතේ කාබනික ගොවීන්ට සහන හිමි වන්නේ නැහැ. ඒ නිසා මම තීරණය කළා ඔවුන්ටත් කිසියම් මුල්‍ය ප්‍රතිපාදනයක් ලබා දිය යුතුයි කියළා. මම ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අපේ අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනාගේ අනුමැතිය ලැබෙයි කියළා මට  බලාපොරොත්තුවක් තිබෙනවා" යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කීය. 
     
    එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ද සහභාගි වුහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya