මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ෂාවෙන් ගාල්ලේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයි

    මැයි 14, 2018

    පසු ගිය දින රාත්‍රියේ ඇති වු අධික වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    පසු ගිය දින රාත්‍රියේ ඇති වු අධික වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇත. මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක එනම් බොපේ පොද්දල, කඩවත් සතර, බලපිටිය සහ අක්මිමණ යන ප්රාවදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්‍රාම සේව වසම් 37 ක පුද්ගලයින් 7,742ක් පීඩාවට පත්ව ඇති අතර, වැඩි බලපැමක් සිදුව ඇත්තේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසටය.

    ඇතිවූ වර්ෂාව හේතුවෙන් එම කොට්ඨාසයේ නිවාස 142ක් අර්ධ හානි ලෙස වාර්තා වන අතර, කිසිදු ජිවිත හානියක් වාර්තා නොවේ. එමෙන්ම පස් කණ්ඩියක් නාය යම නිසාවෙන් හබරාදුව හප්පාවන, කඩවත් සතර බටගන්විල නිවාස 03ක්  හානියට ලක්වි ඇත.

    මේ වන විට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ ආපදා සහන සේවා ඒකකය පීඩාවට පත් වුල් වෙනුවෙන් වියළි සලාක ලබාදීම සිදු කරගෙන යන අතර, වැඩ බලන මාතර දිස්ත්‍රිවක් ලේකම් ප්‍රදිප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු ක්‍රියාත්මකය. මේ වන විට බොහෝ ස්ථානයන්හි ජලය සැලකිය  යුතු මට්ටමින් බැසගොස් ඇති බවද ආපදා ඒකකය සඳහන් කරයි.

     

    DMU - Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya