මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරන කමිටුව රැස්වෙයි- හදිසි ආපදා පෙරසූදානම ගැන සාකච්ඡා කරයි

    මැයි 11, 2018

    ගාල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරන කමිටුව ඊයේ(10) පෙරවරුවේ ගාල්ල වැඩ බලන දිස්ත්‍රික් ලේකම් මාතර දිසා ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

    ඉදිරි දින කිහිපය තුළ, සක්‍රිය විමට නියමිත නිරිත දිග මොසම සක්‍රිය විමත් සමග මේ මස 15 වැනි සිට 29 වැනි දින දක්වා දැඩි අවදානයෙන් සිටිය යුතු බවට, ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චතුර ලියනාරච්චි මහතා මෙහිදි සඳහන් කර සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කර සිටියේ, ආපදා කටයතු අවස්ථාවන් සඳහා බෝට්ටු ලබා දිමේ දි, පොලිසි සහ හමුදා අනුඛන්ඩයන් වෙත ලබා දිමට ප්‍රමුඛතාවය ලබා දිමට එකඟතාවය ලබා දි ඇති බවත් ය. පසු ගිය ගංවතුර අවස්ථාවන් හිදි, නියමාකරයෙන් බෝට්ටු සේවාවන් යොදා නොගැනිම නිසාවෙන් ජිවිත 08ක් අනතුරට ලක් වු බවත්  පවසා සිටියේ ය.

    එමෙන්ම පසුගිය ගං වතුර තත්ත්වය සමඟ මේ වන විටත් නොවිසඳුණු ගැටළු පිළිබඳව වැඩි බලන දිස්ත්‍රික් ලේකම්තුමන් විසින්, සියළු ප්‍රාදේශීය ලේකම් වරුන්ගෙන් විමසු අතර, ඉදිරියේදි හදිසි තත්ත්වයන් හමුවේ පවතින පෙර සුදානම පිළිබඳවද විමසා සිටියේය.

    DMU/galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya