මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තක්ෂිලා නුවර සර්වඥධාතූන් ධාතූන් වහන්සේ රැගත් රථ පෙරහැර අද මහනුවරට

    මැයි 11, 2018

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි බුද්ධ රශ්මි ජාතික වෙසක් මංග්‍යයට සමගාමීව පකිස්ථානු රජය මගින් ලබාදුන් තක්ෂිලා නුවරින් වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේ රැගත් රථ පෙරහැර  අද (11) මහනුවරට වැඩම කිරීමට නියමිතය.

    අනුරාධපුරයේ සිට රථ පෙරහැරකින් වැඩම කරවන මෙම ධාතූන් වන්සේලා හෙට පෙරවරුවේදී මහනුවර බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානය වෙත ලගා වීමට නියමිතය. ඒ අනුව  පෙ.ව. 10.00 සිට පසුදින පෙ.ව. 6.00දක්වා කාලය තුළ ප්‍රදේශවාසීන්ට ධාතූන් වහන්සේලා වැදපුදා ගැනීමට හැකියාව තිබේ.

    2018.05.11 දින පෙරවරුවේදී මහනුවර අඹන්වෙල පුරාණ විහාරය වෙත වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා එදින පෙ.ව. 10.00 සිට පසුදින (12) පෙ.ව. 5.00 දක්වා එම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

    මහනුවර සිට සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රථ පෙරහැර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya