මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව උදාගම්මාන වැඩසටහනින් ත්‍රීකුණාමලයට උදාගම්මාන දෙකක්

    මැයි 09, 2018
    නව උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා "මොහොමදියා නගර්" සහ "අබුරාර් නගර්" නමින් නව උදා ගම්මාන 02ක් ලබාදීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය කටයුතු කොට ඇත. 
     
    ඒ අනුව මෙම ගම්මාන දෙක නව උදා ගම්මාන වැඩපිළිවෙළහි 63 සහ 64වන උදා ගම්මාන ලෙස ජනතා අයිතියට පත්විණි.
     
    මෙම නිවාස ගම්මාන දෙකෙහි ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු පොලී නිවාස ණය ලබාදී ඇති අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ නිවාස ගම්මානයකි. සෑම නිවසක් ම පර්චස් 20ක ගෙවත්තකින් සමන්විත වන අතර ගම්මානය සඳහා විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතිවලින්ද සමන්විතය. 
     
    ගම්මාන දෙක සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 82.3කි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya