මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්වඥ ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය ගාල්ලේ දී

    මැයි 05, 2018

    පකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට වැඩම කරවනු ලැබු ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේ හා ඉන්දියාවේ වරානාසිහි වැඩසිටින ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේලා ගාල්ල කුඹල්වෙල ශ්‍රි සුමනාරාම විහාරස්ථානයේ දි අද (05) පෙ.ව 8 සිට පසුදින(06) උදෑසන 06 දක්වා ප්‍රදර්ශනය කරනු ලැබේ.

    ගාල්ල පින්නදුව අධිවේගි පිවිසුමේ සිට ප්‍රධාන මාර්ගයෙන් ගාල්ල පොලිසිය ,විද්‍යාලෝක පිරිවෙන පසු කරමින් වක්වැල්ල මාර්ගයෙන් ගාල්ල කුඹල්වෙල ශ්‍රි සුමනාරාම විහාරස්ථානයට වැඩම කරවිමට නියමිතය. පසුදින එනම් මැයි මස 06 දින, පෙරවරුවේ මාතර දෙනියාය ගැටඹරුව රාජමහාවිහාරයට නැවත වැඩමකර විමට නියමිතය.

    මෙම ධන්ත ධාතුන් වහනසේලා පකිස්තාන රජයේ අමිල පුරාවස්තුවක් වශයෙන් සුරක්ෂිතව පවතින්නකි.මෙම ධන්ත ධාතුන් වහන්සේලා ගාල්ලට වැඩමකරවිම ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවිමෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබයි.

    ගාල්ල මාධ්‍ය ඒකකය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya