මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''විසල් කුරුණැගල '' ජල සම්පාදන යෝජනා ක්‍රමය ළඟදීම ජනතා අයිතියට

    මැයි 06, 2018

    කුරුණැගල සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ පනීය ජල අවශ්‍යතාවය සපුරා දීමටත්, කුරුණෑගල නගරයේ වෙසෙන ජනතාව සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබාදීමටත් ආරම්භ කරනු ලැබූ විසල් කිරුණෑගල ජල  සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යපෘතියේ ඉදිකිරීම් දැන් අවසන් වී තිබේ.

    මෙම ව්‍යාපෘතිය නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන  මණ්ඩලයේත් සෘජු අධීක්ෂණය යටතේ ඉදිකොට ඇත.

    නගර සැපසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඊයේ(5) විසල් කුරුනෑගල ජල සම්පාදන ව්‍යාපෘතියේ  කටයුතු නිරීක්ෂණය කළේ ය.නොබෝ දිනකින් මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කොට එහි ප්‍රතිලාභ
    ජනතවට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසී ය.

    මෙම ව්‍යාපෘතිය සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 13250කි. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 77.3ක්  චීන රජයේ ණය ආධාර මුදලක් ලැබී ඇති අතර ඉතිරි මුදල ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇත.

    ශ්‍රී ලංකාවේ පලමුවරට ජල සම්පාදන හා මළාපවහන සම්බන්ධතා ලබාදීමේ දීමේ සේවා දෙකම මෙම විසල් කුරුණෑගල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී.වී. මැදවත්ත මහතා
    පවසයි. කොලඹින් පිටත ඉදිවෙන විශාලම ව්‍යාපෘතිය ද මෙය වෙය බව ඒ මහතා පවසයි.

    කිලෝමීටර් 190ක් දිග ජල නළ පද්ධතියක් හරහා ග්‍රාමනිළධාරී වසම් 27ක ජීවත්වන 106000ක පිරිසක ගේ සහ  දිනපතා කුරුනෑගල නගරයට පැමිණෙන ලක්ෂයකට අධික ජනතවගේ පානීය ජල අවශ්‍යතාවය මින් සැපිරේ.  තවද, මෙම ජල ව්‍යාපෘතිය මඟින් නව ජල සම්බන්ධතා 6500ක් පමණ ලබාදීමට කටයුතු යොදා ඇති බවද ඩී.වී.  මැදවත්ත මහතා පැවසී ය.


    මේ අවස්ථාවට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ.අන්සාර්,ක්‍රියාකාරී අධ්‍යක්ෂ මහිලාල් ද  සිල්වා, සාමන්‍යාධිකාරී දීප්ති සුමනසේකර යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya