මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර තොරණ ප්‍රදර්ශනය ඇරඹේ

    මැයි 02, 2018

    ශ්‍රී ලාංකේය ජනතාවගේ බෞද්ධ ප්‍රබෝධය ඇති කරනු වස් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභ සාධක සංගමය දෙවන වරටත් ප්‍රදර්ශනය කරනු ලබන වෙසක් මහා තොරණ (අන්ධභූත ජාතකය) අප්‍රේල් මස 30 වැනිදා සිට මැයි මස 05 වැනිදා දක්වා මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශනය කෙරේ.

    තොරණේ සමාරම්භය පසුගිය (30) දින රාත්‍රී 7.00 ට සිදු විය. රූප රාමු 15 න් හා උස අඩි 45 කින් හා පළල අඩි 45 කින් සමන්විත තොරණ සඳහා විදුලි බුබුළු 18000 භාවිතා කර ඇත.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභසාධක සංගමය මගින් මහා බත් දන්සලක් හා ඊට සමගාමීව මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් අයිස්ක්‍රීම් දන්සලක් ද සංවිධානය කර තිබුණි.

    අන්ධභූත ජාතකය ඇසුරින් නිර්මාණය කරන ලද මෙම වෙසක් මහා තොරණේ සිතුවම් නිර්මාණය සැම්සන් අත්තුඩාව විසින් සිදු කරන ලද අතර එහි විදුලි රූ රටා නිර්මාණය
    කේ.ඩී. දමිත් මධුචානක විසින් සිදු කෙරේ.

    සිතුවම් ප්‍රකාර ගුවන් විදුලි නාට්‍යයේ හඬ රැඟුම කරුණාරත්න අමරසිංහ, කමල් දේශප්‍රිය, නිලූකා රේඛානි, කමල් සුදර්ශන ගමගේ, රත්නා ලාලනී ජයකොඩි, සිතාරා පවිත්‍රානි, ඉනෝකා බොතේජු, බුද්ධික රෝෂාන් ඇතුළු ශිල්පීන් මේ සඳහා දායක වෙති. නාට්‍ය රචනය හා නිෂ්පාදනය බුද්ධික රොෂාන්ගෙනි.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya