මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිකවැව -මාමිණියාව ජල සම්පාදන ක්‍රමය සංවර්ධනය කෙරේ

    මැයි 02, 2018

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රදේශයේ දිර්ඝ කාලීනව පවතින පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය නිසා පීඩා විඳින ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් නිකවැව -මාමිණියාව ජල සම්පාදන ක්‍රමය සංවර්ධනය කර තිබේ.

    එම ව්‍යාපෘතිය නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතින් පසුගිය දා ජනතා අයිතියට පත් කරන ලදී. රුපියල් ලක්ෂ 150ක් වැයකර කිලෝ මීටර් 5ක ප්‍රමාණයට පුළුල්කර කර ඇති මෙම පානීය ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 350ට පමණ සහන සැළසේ. උතුරු මැද පලාතේ පවතින වකුගඩු රෝග නිවාරණයට මෙම ව්‍යාපෘතිය ද විසඳුම් ලබදීම ද ව්‍යාපෘතියේ අරමුණකි.

    අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි එස්.රත්නායක, ප්‍රධාන ඉංජිනේරු ටී.සෙනෙවිරත්න, හිටපු උතුරු මැද පළාත් මන්ත්‍රී රාවුත්තර් නෛනා මොහමඩ්, කැකිරාව ප්‍රාදේශිය සභා එම්.මන්ත්‍රී රෆික් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya