අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    57වන උදා ගම්මානය අද ජනතා අයිතියට

    අප්‍රේල් 20, 2018
    නව උදාගම්මාන යටතේ ජනතා අයිතියට පත්වන 57වැනි උදා ගම්මානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, කිරිගංකුඹුර " මිහිදුම්ගම" උදා ගම්මානය අද (20) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පැවරේ.
     
    නව නිවාස 24කින් සමන්විත මෙම නව ගම්මානයේ නිවාස ඉදිකරගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලෙස ලබාදී ඇති අතර මෙයද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
     
    මිහිදුම්ගම ගම්මානයේ භූමි ප්‍රමාණය අක්කර 03කි. සෑම නිවසක් ම පර්චස් 20ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් ද, විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය. ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 
    34කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya