මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල අප්‍රේල් මස 24 දා

    අප්‍රේල් 20, 2018

    ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල අප්‍රේල් මස 24 වැනි දින දවස පුරා ගාල්ල සමනළ ක්‍රිඩාංගණයේදි පැවැත්විමට කටයුතු යොදා ඇත‍.

    ලොකු කුඩා සියල්ලන්ටම ගැලපෙන තරග ඉසව් 30කට ආසන්න සංඛාවකින් යුක්ත බක්මහ උළෙල සදහ ජන ක්‍රිඩා රැසක්ද එක් කර තිබේ.

    මෙයට සමගාමිව එදින උදෑසන 8.00 ට ආරම්භ කිරිමට නියිමිත කාන්තා සහ පිරිමි බයිසිකල් ධාවන තරගය සහ කාන්තා පිරිමි මැරතන් තරගයට සහභාගි විමට දිස්ත්‍රික්කයේ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට අවස්තාව උදා වේ.
    එම තරග ඉසව් සදහා වෛද්‍ය සහතික ඉදිරිපත් කල යුතු බවට දිස්ත්‍රික් ක්‍රිඩා අංශය පෙනවා දෙන අතර, පිරිමි බයිසිකල් ධාවන තරගය දිස්ත්‍රික්කයේ සියළු ප්‍ර‍දේශයන් ආවරණය වන පරිදි ධාවන මාර්ගය සැලැසුම් කර ඇත. එම ඉසව් සදහා පළමු දෙවන සහ තෙවන ස්තානයන් වෙනුවෙන් වටිනා ත්‍යාග සමගින් සැලසිලි ත්‍යග රැසක් සුදානම් කර ඇත.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ගාල්ල මහනගර සභාව සහ ගාල්ල පොලිස් ස්ථානය බක්මහ උළෙල සංවිධානය කරනු ලබයි.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya