අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා කාමර දෙකකින් ආරම්භ කළ මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩල ජාතික මට්ටමට ගෙන ඒමට හැකි වූණා

    මාර්තු 23, 2018

    කුඩා කාමර දෙකකින් ආරම්භ කළ මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලය ජාතික මට්ටමට ගෙන ඒමට හැකි වූ බවත් කොළඹ පුස්කාල සේවා මණ්ඩය හා සමාන සේවා මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයෙන් සපයන බවත්ම ධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

    එබැවින් අනෙක් පළාත්වල පුස්තකාල කටයුතු සඳහා ද උපදේශකත්වය සැපයීමේ කටයුතුවල නිරත විමට මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයට හැකියා ඇති බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.

    ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ජාතික පුස්තකාල දිනයට සමගාමීව මධ්‍යම පළාත්පු ස්තකාල සේවා මණ්ඩලය සංවිධානය කළ අන්තර් පුස්තකාල ගද්‍ය හා පද්‍ය තරඟාවලියේ ත්‍යාග හා සහතික ප්‍රධානය කිරිම සඳහා ඊයේ (22) මධ්‍යම පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ දීය.

    මහල් හතරකින් යුත් තොරතුරු සංකීර්ණයක් පද්ධතියකින් සමන්විත මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලය පළාත තුළ පුස්තකාල කටයුතු මනා සම්බන්ධිකරණකින් පවත්වා ගෙන බව පැවසු ප්‍රධාන අමාත්‍යවරයා කියවිමේ සහ ලිවිමේ හැකියාවන් වර්ධනය කිරිමේ අරමුණින් පාඨක සමාජ බිහි කිරිම කාලෝචිත බව පෙනවා දෙන ලදි. මධ්‍යම පළාත තුළ වාර්ෂිකව අති විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් එළි දැක්වෙන බවත් මැදරට වංශ කථාවේ පළමු වෙළුම ජනගත කර ඇති අතර දෙවන වෙළුම සංස්කරණය වෙමින් පවතන බවත් මාසිකව සාරථී සඟරාව මුද්‍රණය වන බවත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

    මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති නිර්මාණී පෙරේරා මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ දරුවන්ගේ හදවතට හා බුද්ධියට එකවර ආමන්ත්‍රණය කළ හැක්කේ සාහිත්‍යයට පමණක් බවත් දරුවන්ගේ
    ආකල්පමය වෙනසකට හා දැනුම වර්ධනයට මෙවැනි ඇගයිම් වැදගත් වන බවයි. මධ්‍යම පළාත තුළ පුස්තකාල පාඨක සමාජ හරහා දරුවන්ගේ කුසලතා පදනම් කර ගෙන ලබා ගත් ඉල්ලුපත් පනස් දාහකින් තෝරා ගත් නිර්මාණ හයසියකට සහතිකපත් ද තිස් හයකට ත්‍යාග ද පිරි නැමීමට මෙහි දී කටයුතු කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya