අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිමය ලේඛන ලබාදීමේ ජංගම සේවාවක් තලවකැලේ දී

    මාර්තු 23, 2018

    ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන නීතිමය ලේඛන ලබා දීමේ ජංගම සේවාවක් මාතු 25 වැනි ඉරුදින උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා තලවකැලේ දෙමළ මහා විද්‍යාලයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

    ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජංගම සේවාවේ දී උප්පැන්න සහතික සහ විවාහ සහතික ගැනීමේ දී ඇති වී ඇති ගැටලු නිවැරදි කිරීම, විවාහ නොවූ යුවල නීත්‍යානුකූල විවාහ කිරීම, ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කිරීම, සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ ගැටලු විසදීම, විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටලු විසදීම ඇතුලු කටයුතු සඳහා විසඳුම් ලබා දීම සඳහා රාජ්‍ය ආයතන 17 ක් පමණ සහභාගී වීමට නියමිතය.

    මෙම ජංගම සේවාව නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් තලවකැලේ, කුන්වුඩ්, බෙයාවේල්, නාගසේන, ලිඳුල, ග්‍රේට්ටන්, ඩෙවෝන්, රත්නගිරිය, හෙලිරූඩ්, සමර්සෙඩ් යන ග්‍රාමසේවා වසම් 10 යේ ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන අතර එම ග්‍රාමසේවා වසම් වල ජනතාවට පැමිණ තම ගැටලු විසඳා ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා ඉල්ලා සිටියි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya