අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ප්‍රදේශයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ ශ්‍රමදානයක් සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන්

    මාර්තු 21, 2018

    මහනුවර ප්‍රදේශ කිහිපයක පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තතත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරදීමේ ශ්‍රමදානයක් සර්ව ආගමික නායකයන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

    මේ සදහා යුධ හමුදා නිලධාරීන් දෙසීයකට අධික පිරිසකගේ සහ කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහයෝගයද ලබා දී තිබුණි.

    ඒ අනුව එහි පළමු අදියර ලෙස දිගන, කෙන්ගල්ල ප්‍රදේශයේ හානි වූ දේපල වල සුන්බුන් ඉවත් කිරීම ආරම්භ කරන ලදී. එහි දෙවන අදියර ලෙස එම දේපල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රි ලංකා යුධ හමුදාවේ මධ්‍යම පළාත් අණදෙන නිලධාරී මේජර් ජනරාල් නිශ්ශංක රණවන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya