නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරිඟු දඬු කිරි දෙනුන්ට ආහාර ලෙස ලබා දීමේ වැඩසටහනක්

    මාර්තු 21, 2018

    කරල් නෙලා ගත්පසු ඉතිරි වන බඩ ඉරිඟු දඬු කිරිදෙනුන්ගේ ආහාර වශයෙන් ලබා දිය හැකි බව මිල්කෝ සමාගමේ සහකාර ප්‍රාදේශිය කළමණාකාර තුසිත විජේසිංහ මහතා පවසයි.

    පශු වෛද්‍යවරු විසින් සිදු කරන ලද පරික්ෂණ වලින් මේ බව සොයා ගෙන ඇති බව ද ඔහු වැඩි දුරටත් පවසයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (21) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමේදී ය.

    පශු වෛද්‍යවරු පෙන්වා දෙන පරිදි වැඩි කිරි අස්වැන්නක් ලබා ගැනිම සඳහා කිරි දෙනුන්ට මිශ්‍ර ආහාර ලබා දිය යුතුය.එවැනි පෝෂ්‍යදායි ආහාර වේලක් සකස් කිරිමේ දී ඉරිඟු දඬු ආශ්‍රිත මිශ්‍ර ආහාර යොදා ගැනිම වඩා සුදුසු බව ද පශු වෛදවරුන්ගේ මතය බව මිල්කෝ සමාගමේ සහකාර ප්‍රාදේශිය කළමණාකර තුසිත විජේසිංහ මහතා පෙන්වා දෙන ලදි. ලංකාවේ සිටින කිරිදෙනුන්ට අවශ්‍ය තෘණ භූමි ප්‍රමාණවත් නොවන නිසා කිරි නිෂ්පාදනය යම් පසු බෑමටක ලක් වී ඇති මෙවන් යුගයක, බඩ ඉරිඟු දඬු ආදේශකයක් ලෙස යොදා ගැනිම සුදුසු බවත් මිළ දී ගන්නා ඉරිඟු දඬු ප්‍රවාහනය කර දිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

    කමිටුව වෙත ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, මෙය කාලෝචිත වැඩසටහනක් බවත්, මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිම තුළින් ඉරිඟු වගා කරන ගොවින්ට ද අමතර ආදායමක් ලැබෙන බවත්ය. ඒ අනුව මෙහි ඉදිරි සම්බන්ධීකරණ කටයුතු සියල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හරහා සිදු කළ හැකි බව ද ඔහු පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya