අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහනක්

    මාර්තු 21, 2018

    රත්නපුර දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ, තරුණියන් රැකියාගත කිරිමේ වැඩසටහනක් රත්නපුරයේ දී පැවැත්විණි.

    රත්නපුර රැකියා සේවා මධ්‍යස්ථානය මගින් වරින් වර රැකියා අපේක්ෂකයින් කැඳවා දැනුවත් කරමින් ඔවුන්ට රැකියා ක්ෂේත්‍රයේ මංපෙත් විවර කරදීම උපරිමයෙන් සිදු කරන්නැයි කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යංශයේ රත්නපුර දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්ථානයේ ප්‍රධානී, රත්නපුර දිස්ත්‍රික් වෘත්තීයමාර්ගෝපදේශන නිලධාරී ප්‍රවීණ වෘත්තිය මාර්ගෝපදේශක ගාමිණි ඉපිටකුඹුර මහතා ප්‍රකාශ කළේය.

    රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති රත්නපුර දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිතයින් රැකියාගත කිරිමේ වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වමින් ගාමිණි ඉපිටකුඹුර මහතා මෙසේ පැවසීය.

    රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ උපදේශකත්වයෙන් සහකාර දිස්ත්‍රික් ලේකම් සදකැළුම් ධනවර්ධන මහත්මියගේ මගපෙන්විම යටතේ පැවැත්වූ වැඩසටහන, රැකියා සේවා මධ්‍යස්ථානයේ
    කාංචනා බුලත්සිංහල,දිපිකා වීරකොන් යන මානව සම්පත් නිලධාරීන් විසින් සංවිධානය කර තිබුනි.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය- රත්නපුර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya