අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගහකන්ද ගුරුවෙළ මහවැලි ගොවිපොළෙන් රුපියල් එක්කෝටි 60 ලක්ෂයක ආදායමක්

    මාර්තු 20, 2018

    මොරගහකන්ද ගුරුවෙළ ගොවිපොළ පසුගිය වසරේ දී එම ගොවි පොළේ වගා කෙරෙන පලතුරු අලෙවි කිරීමෙන් රුපියල් එක්කෝටි 60 ලක්ෂයක මුදලක් උපයාගෙන තිබේ.

    මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා මෙම ගොවිපොළේ ප්‍රගතිය පිළිබඳ පසුගියදා සොයා බැලීය.

    ඒ අනුව එම ගොවිපොළ වෙත ගිය අමාත්‍යවරයා ගුරුවෙළ පලතුරු ගොවිපොළේ වගා කටයුතු නිරීක්ෂණය කළේය. මෙම ගොවිපොළේ විශේෂයෙන් වගා කෙරෙන අඹ අලෙවියෙන් 2017 වසරේ උපයා ඇති මුදල රුපියල් 50,00000කි.

    දැනට සේවකයින් 100කට අධික පිරිසක් මෙහි සේවය කරන අතර මෙම භෝගවලට හානි කරන කෘමීන් විකර්ශණය සඳහා සාම්ප්‍රධායික තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා පණුවතුර එකට දහයේ අනුපාතයට ඉසින බවත් එමගින්සා ර්ථකව පළිබෝධකයින් විකර්ශණය කෙරෙන බවත් එම නිලධාරිහු පැවසුහ.

    පණුවතුර පළිබෝධ විකර්ශකයක් ලෙස සකසා ගන්නේ බැරලයකට පස් හා ගල් තට්ටු වශයෙන් දමා ඊට ගැඩවිල් පණුවන් එක් කිරිමෙනි. එමෙන්ම ඉහළින් ජලය බින්දුව බැගින් එම භාජනයට වැටෙන්නට සැලැස්වීමෙන් අදාළ භාජනයේ තෙතමනය ආරක්ෂා කරයි. ගැඩවිල් පණුවන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය මගින් පෙරෙන ජලය පණුවතුර ලෙස හැඳින්වේ. මෙවැනි තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගනිමින් වගා කෙරෙන ගුරුවෙළ ගොවිපොළේ පලතුරු හා එළවළුවලට කොළඹ සිට පැමිණෙන ගැණුම්කරුවන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව එම ගොවිපොළේ නිලධාරිහු පවසති.

     අමාත්‍යවරයාගේ මෙම ප්‍රගති සමාලෝචන නිරික්ෂණ චාරිකාවට මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මහත්මිය ද එක්වුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya