අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් ලක්ෂ 392ක වියදමින් ඇල්පිටියේ නාකන්ද පැරණි පාලම වෙනුවට නව පාලමක්

    මාර්තු 19, 2018

    ඇල්පිටියේ නාකන්ද පැරණි පාලම වෙනුවට නව පාලමක් සදහා මුල්ගල තැබිම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

    රුපියල් ලක්ෂ 392ක වියදමින් මෙම පාලනම ඉදිකෙරේ. බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ ගණේගොඩ ප‍්‍රදේශයේ ජනතාවත් රජමහා විහාර මාර්ගයේ් ජනතාවත් වසර ගණනාවක් පුරා එහාමෙහා ගිය නාකන්ද පාලම අද වන විට ඉතාමත් අබලන් තත්ත්වයක පවතී.

    ඉතා අවදානම් තත්වයේ ඇති නාකන්ද අබලන් පාලම පිළිසකර කර දෙන ලෙස එම ප‍්‍රදේශ වල ජනතාව කළ ඉල්ලීමට අනුව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මැදිහත් වෙමින්, පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතාගේ ද සහයෝගයෙන් ඇල්පිටියේ නාකන්ද පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකර දීම සදහා රුපියල් ලක්ෂ 392 ක මුදලක් වෙන්කර තිබේ.

    මුල්ගල තැබීමේ අවස්ථවට පළාත්සභා මන්තී‍්‍ර ජයසිරි නානායක්කාර, හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර සුගත් දේවපි‍්‍රය, හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී අමිල කාරියවසම්, යන මහත්වරු, ඇල්පිටිය ප්‍රදේශියලේකම්වරයා ඇතුළු නිළධාරින් පිරිසක් එක්විය.

    ​මේ අතර රුපියල් ලක්ෂ 450ක් වැයකරමින් ඉදිකිරීමත යෝජිත මයිත්‍රීගම දියපරදූව පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් ජනතාවට පැන නැගී ඇති ගැටළු කිහිපයක් නිරාකරණය කිරීමට නිළධාරින් සමඟ සාකච්ඡාවකටද එක්වීමට අමාත්‍යවරයා එදිනම සිදු කළේය​.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya