අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර "සිව්දෙවිගම" උදාගම්මානය ජනතා අයිතියට

    මාර්තු 19, 2018
    කළුතර දිස්ත්‍රික්කයේ මහරැක්ම ඉදිවූ "සිව්දෙවිගම" 49වැනි උදා ගම්මානය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින ජනතා අයිතියට පැවරිණි.
     
    වත්මන් රජයේ "යළි පිබිදුණු උදා ගම්මාන" වැඩපිළිවෙළ යටතේ 49වන උදාගම්මානය ලෙස මෙම උදාගම්මානය ජනතා අයිතියට පත්වන අවස්ථාවේ තවත් පවුල් 337කට පමණ අමතර ප්‍රතිලාභ රැසක් හිමිවන බවත් නිවාස 39කින් සමන්විත මෙම උදාගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 373ක පමණ මුදලක් වැය කර තිබෙන බවත් මෙම අවස්ථාවට එක්වෙමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    පිරිසිදු පානීය නල ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් මෙම උදාගම්මානය සමන්විත වන බවත් මේ වන විට රට පුරා උදා ගම්මාන 575ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා මෑත කාලීන රජයක් දියත් කළ සංවර්ධන වැඩසටහන් තුළින් ජනතාවට දැනෙන, ඇසෙන, පෙනෙන ප්‍රතිලාභ රැසක් හිමි වූ වැඩසටහනක් ලෙස උදා ගම්මාන වැඩපිළිවෙළ ප්‍රචලිත වී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.
     
    2020 වසර වන විට උදා ගම්මාන 2500ක් ඉදිකිරීමේ ඉලක්කයක් වත්මන් රජය සතු අතර ම 2018 වසරේ දී උදා ගම්මාන 650ක් නිම කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya