මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ සංවර්ධනයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට පියවර

    මාර්තු 17, 2018

    දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යය වන්නේ දක්ෂිණ ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම බවත් සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරනබව අමාත්‍ය සගල රත්නයක මහතා මාධ්‍ය වෙත පවසයි.

    වැඩිදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරය මෙසේ ද පැවසීය.


    දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යය වන්නේ දක්ෂිණ ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීමේ අරමුණ ඇතිව සම්බන්ධීකරණය කිරීමයි.විශේෂ අවධානය යොමුව තිබෙන්නේ,හම්බන්තොට ආර්ථික කලාපයටත්, සංචාරක වැඩසටහන ප්‍රවර්ධනය සඳහාත්ය. හම්බන්තොට ආර්ථික කලාපය තුළින් වරායේ ක්‍රියාකාරීත්වය දියුණු කරන්නත්, විශල රැකියා ප්‍රමාණයක් ඇතිකරන්නත් ආර්ථික කලාපය තුළින් හැකි වෙනවා. එයින් රටටත් විශාල ආදායමක් එනවා. මෙහි වැඩකටයුතු වේගයෙන් කෙරෙනවා. හම්බන්තොට ආර්ථික කලාපය වෙනුවෙන් ඉඩම් බාරදෙන්නත් කටයුතු කරනව. සංචාරක වැඩසටහන දියුණු කරද්දි බෙන්තර ගඟේ සිට මොනරාගල දක්වා සිදු කර්න්නත්,වෙරළ තීරය පමණක් නොව, අභ්‍යන්තරයට ගෙන යන්නත් අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya