සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ සබන් නිෂ්පාදකයින්ගේ ගැටළු පිළිබඳ අවධානය

    මාර්තු 17, 2018

    මාතර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ සබන් නිෂ්පාදකයින්ගේ ගැටළු පිලිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ අවධානය යොමු වී තිබේ.

    දිසාපති තුමාගේ නිළ සාකච්ඡා කාමරයේ දී එතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) දින පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳව අවධානය යොමු කෙරිණි.

    සබන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දී මුහුණ පාන්නට සිදුවන විවිධ දුෂ්කරතා, වෙළඳපොළ පුළුල් නොවීම, තරඟකාරී අයුරින් තම නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා පවතින දැනුම ප්‍රමාණවත් නොවීම ආදී ගැටළු ගණනාවක් පිළිබඳව මෙහි දී අවධානය යොමු කරන ලදි. එම ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ඉදිරියේ දී සඵලදායී වැඩපිළිවෙලක් සකස් කිරීමට යෝජනා කෙරිණි. මහා පරිමාණ ව්‍යවසායකයින් සමඟ ගණුදෙනු කිරීමට අවස්ථාව උදාකර දීම, ක්ෂේත්‍ර චාරිකා සඳහා අවස්ථාව සලසා දීම, පුහුණු අවස්ථා පුළුල් කිරීම, සහනදායී ණය ලබා ගැනීමේ ක්‍රමවේද සකස්කර දීම ඒ අතර වේ.

    මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී.කේ. පතිරණ මහතා, සහකාර අධ්‍යක්ෂ සී.කේ. මණ්ඩලවත්ත මහතා හා මාතර දිස්ත්‍රික‍යේ සුළු පරිමාණ සබන් නිෂ්පාදකයින් පිරිසක් සහභාගි වී සිටියහ.



    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය- මාතර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya