සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ පාසල් සදහා නවක ගුරුවරු 439 ක් බදවා ගැනේ

    මාර්තු 17, 2018

    මධ්‍යම පළාතේ පැවති ගුරු පුරප්පාඩු පුරවමින් තවත් උපාධිධාරී ගුරු පත්වීම් 439 ක් ප්‍රදානය කිරීම ඊයේ (16) මහනුවර පල්ලේකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේදී සිදු විය. ඒ අනුව පත්වීම් ලද මෙම උපාධිධාරී ගුරුවරුන් එළඹෙන 19 වැනි සදුදා දිනයේ සිට ඔවුන් වෙත හිමි වූ පාසල් වෙත වාර්තා කළ යුතුව ඇත.

    මධ්‍යම පළාතේ උපාධිධාරීන් වෙනුවෙන් තරග විභාගයක් පවත්වා එම විභාගයෙන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණයකින්ද පසුව මෙම පත්වීම් ප්‍රදානය සිදු කොට තිබේ. තරග විභාගය සදහා අපේක්ෂකයන් 6880 ක් පෙනී සිටඇති අතර ඉන් 1950 ක් සමත් ව ඇත. එම පිරිස නැවත සම්මුඛ පරීක්ෂණයකට ලක් කොට එයින් පසු මෙම 439 දෙනා තෝරා ගෙන තිබේ. තෝරාගත් ගුරුවරුන් ගුරු පුරප්පාඩු පවතින පාසල් 191 ක් වෙත සේවයේ යෙදවීමට කටයුතු යොදා තිබේ.

    පත්වීම් ලබන මෙම ගුරුභවතුන්ට තමන් ඉල්ලා සිටි පාසල් පහ අතරින් එකක් ලබා දී ඇති අතර, ඔවුන්ට වසර දහයක් යනතුරු ස්ථාන මාරු ඉල්ලීම් කළ නොහැකිය. ඉදිරියේදී මෙම ගුරුවරු සියළු දෙනා වෙනුවෙන් වෘත්තීය පුහුණුවක් ලබා දීමටද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් කටයුතු යොදා තිබේ.

    මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සහ පළාත් අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායක මහතා දුෂ්කර පාසල්වල දරු දැරියන්ගේ සේවය සදහා යොදවා ඇති මෙම පිරිස තෝරා ගැනීමේදී බදවා ගැනීමේ වයස වශයෙන්ස දහන් අවුරුදු 35 නොසලකා එය අවුරුදු 45 දක්වා වැඩි කළ බවද පැවසීය. ඒ තුළින්ද උපාධිධාරීන්ට සහනයක් සැලසීමට හැකියාව ලැබුනු බවද පැවසීය. පත්වීම් ලබාදීමේදී කිසිදු දේශපාලන පදනමක් නොසලකා පළාත් රාජ්‍ය‍සේවා කොමිසම හරහා විනිවද භාවයකින් යුක්තව ඒවා ලබාදුන් බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා දේශපාලන බලපෑම් වලට හසු නොවී තම රාජකාරී කටයුතු ඉටු කරන ලෙසද දැනුම් දෙන ලදී.

    මෙම උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මධ්‍යම පළාත් අමාත්‍යවරු සහ විපක්ෂ නායකවරයා ඇතුළු මහජන නියෝජිතයන් මෙන් රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya