මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඹිලිපිටිය මාමඩල අතු ඇල මාර්ගය පිළිබඳව මහවැලි අධිකාරියේ අවධානය යොමු වෙයි

    මාර්තු 16, 2018

    මාමඩල අතු ඇල ඩී-03 බෙදුම් ඇලෙහි පවතින ගැටළුව සම්බන්ධව පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් මඟින් ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකරියේ අවධානය යොමු වී ඇත.

    මාමඩල ඇලට චන්ද්‍රිකා වැව මඟින් ජලය ලබෙන අතර වගා කටයුතු සිදු කෙරෙන කුඹුරු සඳහා ජලය රැගෙන යන මාමඩල ප්‍රධාන ඇලේ පළමු අතු ඇලේ රොන් මඩ හා පාසි වැවීම හේතුවෙන් ජලය ගමන් කිරීම අවහිර වී ඇති බවට ප්‍රවෘත්ති මඟින් අනාවරණය කර තිබුණි. වසර ගණනාවකින් ඇල මාර්ගය පිරිසිදු කර කර නොමැති බවට ගොවීන්ගේන් චෝදන එල්ලවන බවද පුවත විසින් අනාවරණය කර තිබුණි.

    නේවාසික ව්‍යාපාර කළමනාකාර (වලව) ඒ.එල්.ඔස්මන් ද සිල්වා මහතා විසින් මේ සම්බන්දයෙන් පැහැදිළි කිරීමක් සිදු කර තිබේ.

    කෙත් සහ බෙදුම් ඇලවල් වල නඩත්තු කටයුතු අදාළ ගොවි සංවිධාන විසින් සිදුකර ගත යුතු බව නිකුත් කර ඇති ලිපියේ සඳහන් වෙයි. එසේ වුවත් මෙවැනි අවස්ථාවක අදාළ ගොවි සංවිධාන සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු යන්ත්‍ර යොදා ගෙන එම ඇලෙහි පවතින ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලබන බව නේවාසික ව්‍යාපාර කළමනාකාර (වලව) ඒ.එල්.ඔස්මන් ද සිල්වා මහතා දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya