සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්තවලට ජාත්‍යන්තර ISO සහතික ලබා ගැනීම සඳහා අනුග්‍රහය

    පෙබරවාරි 28, 2018

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහළ නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. 

    මේ සඳහා 2018 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රු. මිලියන 750 ට අඩු සහ සේවක සංඛ්‍යාව 300 ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ISO 9001, ISO 14001, ISO 22000, ISO 50001 ජාත්‍යන්තර සහතික ලබා ගැනීම සඳහා අනුග්‍රහය ලබා දීමට සැලැසුම් කර ඇත.

    මේ අනුව තෝරාගත් කර්මාන්ත සඳහා උපරිමය රු. 200,000/- දක්වා සහතිකපත් ගාස්තු ගෙවීම් කරන අතර අදාල සහතිකපත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල ගාස්තු ප්‍රතිපූර්ණය කරනු ලැබේ. රජයේ පිලිගත් ආයතනයකින් උපදේශන සේවා ලබාගන්නේ නම් උපදේශන සේවා ගාස්තු උපරිමය රු. 100,000/- දක්වා ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත ගෙවීම් කරනු ලැබේ. සහතිකපත් ක්‍රියාවලිය සිදුවන කාලය තුල අඛණ්ඩ උපදේශන සේවා සැපයීමද කරනු ලැබේ.

    මේ පිළිබඳව වැඩි විස්තර සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය දුරකතන අංක 0112422319, 0112432750 ඇමතීමෙන් හෝ www.industy.gov.lk මඟින් හෝ ලබාගත හැක.

    තවද ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කර්මාන්ත සඳහා මේ පිලිබඳව වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය වේ නම්, ලංකා කාර්මික සංවර්ධන මංඩලය, කච්චේරිය, ගම්පහ. යන ලිපිණයෙන් හෝ කාර්යාලයට පැමිණ හෝ 0332222909 ට ඇමතීමෙන්  හෝ idbgampaha@gmail ට ඊ මේල් පණිවිඩයක් දීමෙන් හෝ ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya