සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලට ''COM - LAB'' ජංගම රසායනාගාර සේවාවක්

    පෙබරවාරි 28, 2018

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවල රසායනාගාර පහසුකම්වල හිඟයට පිළියමක් ලෙස නිර්මාණාත්මකව සැකසුණ ජංගම රසායනාගාරයක් පසුගිය දා කෑගල්ල දී විවෘත කෙරිණි.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ප්‍රමුඛ වෛද්‍ය  ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් විසින් බස් රථයක් තුළ පවත්වාගෙන යන මෙම COM-LAB නම් ජංගම වෛද්‍ය  රසායානාගාරය පසුගිය දා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ඉදිරියේ ප්‍රදර්ශනය කෙරිණි.

    මේ සම්බන්ධව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා-

    ප්‍රථමික රෝගි සත්කාර හා රෝග නිවාරණ සේවාවන්හි දි ද රසායනාගාර පහසුකම් අවම විමේ ගැටළුව අපේ නිළධාරින් නිරතුරුවම මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්නයක් . ඒ නිසා මෙවැනි ජාලයක් ස්ථාපිත කිරිමේ අවශ්‍යථාවයක් ඇතිවුනා .
    එහෙත් එය ලේසි පහසු කාර්යක් නොවෙයි. විශේෂඥ දැණුම හා , කැපවිමට හැකියාව ඇති, නිළධාරින් අවශ්‍යයි. මෙහිදි අපේ කණ්ඩායමට ස්වකැමැත්තෙන්ම එක්වු පිරිසක් දායකත්වය ගත්තා. ඒ අතරින් වෛද්‍ය ජානක අමරකෝන්  සහ රසායනාගාර කාර්මික ශිල්පි විශේෂඥ මාපා යන මහත්වරුන්ගේ කැපවිම මා විශේෂයෙන් සදහන් කළ යුතුයි.

    මෙම ජංගම රසායනාගාර සේවාවේ සේවය ඉල්ලුම්කරණ කඩදාසියේ සිට අවසානයේ නිකුත් කරන වර්තාවේ ගුණාත්මකභාවය දක්වාම ඒ මහත්වරුන් ගැඹුරින් අවධානය යොමු කළා. මේ සඳහා සබරගමුව පළාත්
    සභාවේ,පළාත් අනුග්‍රහයත්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර මහතාගේ පුර්ණ සහායත් ලැබුනා. මේ සදහා කිසිම උපකරණයක් අළුතින් මිලදි නොගෙන අමාත්‍යාංශ්‍ය සතු උපකරණ හා සම්පත් හුවමාරු කරගනිමින් වෛද්‍ය රසායනාගාරයක තිබිය යුතු සියළුම අංගවලින් යුත් ජංගම රසායනාගාරයක් සැකසිමේ කටයුත්ත ජය ගැනිමට අපේ කණ්ඩායමට හැකිවුනා.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ දැනට අවම රසායනාගාර පහසුකම්වත් නොමැති , දුර-බැහැර ප්‍රදේශ වල පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථාන 22 ආවරණය වන පරිදි . අවම වශයෙන් මසකට වරක් හෝ දෙවරක් එම ස්ථානවලට ගොස් තමන්ගේ ලේ ,මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කරවා ගැනිමට තරම්වත් වත්කමක් නොමැති ජනතාව සොයා යාම මෙම ජංගම රසායනාගාර සේවාවේ අරමුණ වී ඇත.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වන මෙම සේවාවට රසායනාගාර කාර් මික ශිල්පි විශේෂඥවරයෙක් ,හෙදියක් සහායක කම්කරුවෙක් සහ රියදුරු වරයෙකු ගෙන් සමන්විත කාර්ය මණඩලයකින් ද සමන්විත වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya