නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සංවර්ධන කටයුතුවල ඉහළ ප්‍රගතියක්

    පෙබරවාරි 28, 2018
    මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා 2017 වසර වෙනුවෙන් වෙන් කළ මුදලින් 97%ක් ම වැය කොට අදාළ ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පවසයි.
     
    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ය.
     
    2017 වසරේ දී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 1270කට ආසන්න මුදල් රජය වෙතින් ලබාදී තිබේ. එම අරමුදල් උපයෝගී කරගනිමින් විවිධ සංවර්ධන ව්‍යාපෘති 7709ක් ක්‍රියාත්මක කොට ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1235කට ආසන්න මුදලක් වැය වී තිබේ. අදාළ ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 42ක් අවිච්ඡේද වී තිබෙන අතර ඒවා 2018 වසරේ දී ක්‍රියාත්මක කෙරෙනු ඇත.
     
    එමෙන් ම 2017 වසරේ දී මධ්‍යම පළාත් සභාව වෙත වෙන් වූ මුදලින් පළාත් සභා අමාත්‍යංශය පහ හරහා රුපියල් මිලියන 1183කට ආසන්න මුදල් වෙන් කොට තිබුණු අතර එම මුදලින් මිලියන 1025කට ආසන්න මුදලක් විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදවා ඇත. එම මුදල් යොදවා අවසන් කොට ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 2694කි.
     
    පළාත් සභාව වෙන් කළ මුදලින් වැඩිම මුදලක් වැය කොට ඇත්තේ මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට වේ. එම මුදල් රුපියල් මිලියන 417කට ආසන්නය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya