සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා සංවර්ධන අංශය මඟින් ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් දැනුවත් කරයි

    පෙබරවාරි 27, 2018

    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයන්හී සේවය කරනු ලබන ආර්ථික සංවර්ධන නිලධාරින් දැනුවත් කරමින් ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හදුනාගැනීමේ නව වැඩ සටහනක් ගාල්ල මූලික කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක කෙරේ.

    මේ සදහා ආර්ථීක සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීම සවි බල ගැන්වීම දැනුවත් කිරීම සහ ආයතනික සම්බන්ධීකරණය සිදු කිරීම සදහා මූලික වැඩ සටහන අද දින (27) ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

    ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් අදියර කිහිපයක් යටතේ මෙම දැනුවත් කිරීමේ හමුව සංවිධානය කර තිබූ අතර අද දින හබරාදුව බෝපෙ පෝද්දල ගොනුපීනුවල සහ ඉමදූව යන ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයන්හි නිලධාරීන් මේ සදහා සහභාගී වී සිටියහ.

    ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වැඩසටහන් රැසක් ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හඳුනාගැනිමට සහ ඔවුන් සවිබල ගැන්වීමට ආරම්භ කර ඇති අතර, ඔවුන්ව ඝෘජුව සම්බනධීකරණය කිරීමටත් ඔවුන්ගේ ගැටළු
    හඳුනාගැනිමටත් මෙම නිලධාරීන් යෙදවිමට අපෙක්ෂිතය. මෙය දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහනකි.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya